SI සියදිවි නසාගෙන

පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ ඊයේ (05) රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

අද (06) උදෑසන 6.30ත් 7.00ත් අතර මෙය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මියගිය උප පොලිස් පරීක්ෂකවරයා 54 හැවිරිදි වියේ පසුවන්නෙකි.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Leave a Reply