Online ඉගෙනීමේදී දරුවන්ගේ කනට වෙන අනතුරක්

දරුවන් අන්තර්ජාලයෙන් අධ්‍යාපනය කටයුතු සිදුකිරීමේදී ‘ඉයර් ‍‍ෆෝන්‘ භාවිතා කිරීම නිසා කනට හානි සිදුවන බව උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසයි.

දරුවන් නිතර ඉයර් ෆෝන් කනේ ගසා සිටීම නිසා කලාඳුරු කන ඇතුළට තල්ලුවී යන අතර එම නිසා කන පැසවීම, පුස් හටගැනීම, කන් බෙරයට හානිවීම සිදුවිය හැකි බව ඇය පැවසීය.

කනට එවැනි හානි සිදුවීම නිසා ශ්‍රවණාබාධ හටගන්නා හේතුවෙන් ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේය.

කනට යම් හානියක් සිදුවුව හොත් හෝ ඇසීමේ දුර්වලතා ඇත්නම් ප්‍රමාද නොවී වෛද්‍යවරයකු හමුවිය යුතු බව ඇය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply