NASA පෙරහුරු රොකට්ටුව සඳ වෙත (VIDEO)

නාසා ආයතනය විසින් මෙතෙක් දියත් කර ඇති බලගතුම රොකට්ටුව ලෙස සැලකෙන “ස්පේස් ලොන්ච් සිස්ටම්ස්” රොකට්ටුව සඳ ආශ්‍රිතව ගවේෂණය කිරීමේ Artemis-I මෙහෙයුම සඳහා කක්ෂගත කල බව නාසා ආයතනය ප්‍රකාශ කළේය. 

ප්‍රමාදවීම් රැසකින් පසු ඇමෙරිකාවේ නාසා ආයතනය Artemis-I චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින් මෙම අධි බලැති ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති රොකට්ටුව ගුවන්ගත කළේය

මෙම රොකට් පද්ධතියේ අරමුණ ඊට සම්බන්ධ කළ ‘ඔරියන්’ නමැති චන්ද්‍ර යානය එසේත් නැතිනම් ගගන කැප්සියුලය පෘථිවි කක්ෂයට රැගෙන ගොස් මුදා හැරීම බවද එම ආයතනය පැවසීය.

පෘථිවි කක්ෂයේ දී රොකට්ටුවෙන් වෙන් වන ‘ඔරියන්’ චන්ද්‍ර යානය සඳ බලා යන ගමන ආරම්භ කරනු ඇති බවත් මෙය චන්ද්‍ර මෙහෙයුම අත්හදා බැලීමේ මෙහෙයුමක් වන අතර, සැබෑ ගගනගාමීන් එහි නොමැති බවද එම ආයතනය පැවසීය.

මෙම මෙහෙයුම යටතේ පළමුවෙන් සඳට කාන්තාවක් යැවීමට ද නාසා ආයතනය අපේක්ෂා කරන අතර ඒ අනුව 2024 වසරේදී එය සිදුවනු ඇති බව නාසා ආයතනය පැවසීය.

මෙම චන්ද්‍ර යානය සති 6 ක කාලයකින් පසු ආපසු පෘථිවියට පැමිණෙ ලෙස සැලසුම් කර තිබෙන අතර එය පැරෂූට් ආධාරයෙන් සාගරයට පතිත කෙරෙනු ඇත.

කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙම රොකට්ටුව ගුවන්ගත වන ආකාරය දැක ගැනීමට 15,000 කට වැඩි පිරිසක් රැස්ව සිට තිබේ.

රොකට්ටුව ගුවන්ගත කල අයුරු

Leave a Reply