කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැගෙනයාමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
චීනයේ ෂැන්හයි ෂෙල්වේජ් (Shanghai Salvage) නම් ආයතනය විසින් සියලු කටයුතු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ උපදෙස් හා නියාමන යටතේ සිදුකරනු ලබයි
සිංගප්පූරුවේ ලියාපදිංචි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 මැයි මාසයේ දී කොළඹ වරාය අසල මුහුදේ සති දෙකකට ආසන්න කාලයක් ගිනි ගනිමින් තිබී මුහුදුබත් වූ අතර, නෞකාවේ කොටස් එහි හිමිකාරීත්වය දරණ සමාගම් විසින් රැගෙනයාම සිදුකරන බව එම අධිකාරිය ප්‍රකාශ කළේය.
සමුද්‍රීය පරිසරයට විය හැකි හානි අවම කර ගනිමින් මෙම කටයුතු සිදු කරන බව එම අධිකාරිය ප්‍රකාශ කළේය