LECO විදුලි බිලට තවත් බද්දක්

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද (Social Security Contribution Levy) එකතු කෙරෙන බව එම සමාගම පවසයි.

2023 සැප්තැම්බර් 08 සිට එය ක්‍රියාත්මක වනු ඇති බව එම සමාගම විදුලි පාරිභෝගිකයන්ට SMS පණිවුඩයක් මගින් දැනුම් දී ඇත.

ඒ අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය පිළිබිඹු වන බවද අදාළ LECO සමාගම පවසයි. 

Leave a Reply