IT ක්ෂේත්‍රයේ 10000ක් මෙරට අතහැර පිටරට රස්සාවලට ගිහින්

බදු පැනවීම සහ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රටේ අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිත තත්වය නිසා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් සියයට 10 ක් පමණ විදේශ රැකියාවට ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා අද (2) ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ඇස්තමේන්තුව අනුව දැනට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සෘජුවම 150,000 ක පමණ රැකියා කරන බවත් 2021 වසරේ කළ සමීක්‍ෂණයට අනුව තොතුරු තාක්‍ෂණ ක්ෂේක්‍රයේ සෘජු ශ්‍රම බලකාය 125,000 පමණ වූ බව ද ඔහු සඳහන් කළේය.

හතර වැනි තාක්‍ෂණ විප්ලව ඩිජිටල් විප්ලවක් වීම නිසා තොරතුරු තාක්‍ෂණ ඉන්ජිනේරුවන්ට සහ වෘත්තිකයන්ට හොඳ ඉල්ලුමක් ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 10,000 ක් පමණ රටහැර ගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වසරක ශ්‍රමබලකා අවශ්‍යතාව වෘත්තිකයන් 20,000 ක් පමණ වුවද එහි සැපයුම වෘත්තිකයන් 8000 ත් 9000 ත් අතර පැවති බව කී හෙට්ටිහේවා මහතා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ බුද්ධිගලනය පාලන කිරීමට බදු සහන ඇතුළු සහන දී ඔවුන් රටේ නවතා ගැනීමට රජය කටයුතු කළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply