හමුදා ස්නයිපර් වෙඩික්කරුවන් භාවිත කරන අවියකට සමාන නවීන පන්නයේ ගිනිඅවියක් නිපදවූ පුද්ගලයෙකු වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවත් කලක් මත්කුඩු පානයට ඇබ්බැහිවී සිට පුනරුත්ථාපනය වී පැමිණ සිටි පුද්ගලයෙකු බවත් සැකකරු සතුව තිබූ සොයාගෙන ඇති ගිනි අවිය අඩි 04ක් පමණ දිගකින් යුක්ත බවද පොලිසිය පවසයි.
අන්තර්ජාලයේ ගිනිඅවි නිෂ්පාදනය කරන දර්ශන නරඹමින් මෙම අවිය නිෂ්පාදනය කිරීමට කටයුතු කර ඇති බවත්, ඒ සදහා ඉවතලන ප්ලාස්ටික් කොටස්, සුදුයකඩ කොටස්, ස්ප්‍රීන්, යකඩ සහ ඇලුමිනියම් බට මෙම අවිය නිපදවීම සඳහා උපයෝගී කරගෙන ඇති බවද විමර්ශන වලදි අනාවරණය වි තිබේ.
ප්ලාස්ටික් සහ වීදුරු කාච යොදා එම අවියට දුර දක්නයක්ද සවිකර තිබූ බව පොලීසිය පවසයි.
මෙම අවියට කුඩා යකඩ බෝල යොදාගෙන බළලුන් සහ කුරුල්ලන්ට වෙඩිතබා ඇති බවත්, වෙඩි ප්‍රහාරවලට ලක්වූ සතුන් එම ස්ථානවලම ඇදවැටී මරණයට පත්වී ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත.
එම ගිනිඅවිය තවදුරටත් නවීකරණය කිරීම සඳහා කොටස්වලට වෙන්කර තිබියදී සැකකරු සමග අත්අඩංගුවට ගෙන තිබේ
සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.