Instagram ගෝලීය බිඳ වැටිමක්

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය අඩවිය ගෝලීය බිඳ වැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව දහස් ගණනක් ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ට පොස්ටු පළ කිරීමට හෝ බෙදා ගැනීමට නොහැකි වී ඇති බව එම වාර්තා සඳහන් කළේය 

අද (09) මෙම බිදවැටීම පිලිබඳව ගැටළු වාර්තා කර ඇති බව එම වාර්ත සඳහන් කළේය.

ලොව පුරා සිටින ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ට පොස්ටු බෙදාගැනීමේ පහසුකම ක්‍රියාත්මක නොවන බවත්, අදහස් දැක්වීමට හෝ ඡායාරූප උඩුගත කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති බව එම වාර්තා තවදුරටත් වාර්තා කර ඇත.

බොහෝ පරිශීලකයින් ඔවුන්ගේ ගැටළු downdetector වෙබ් අඩවිය වෙත වාර්තා කර ඇති අතර, downdetector වෙබ් අඩවියට අනුව, පරිශීලකයින් 46,000 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය අඩවිය සම්බන්ධ ගැටළු වාර්තා කර ඇත. 

ඇමෙරිකාව, ඉන්දීයාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල්වල පරිශීලකයින්ට ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය අඩවිය සම්බන්ධ ගැටළු වාර්තා කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply