IMF ණය මේ මස ලැබෙන ලකුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මෙම මස තුළ ලැබෙනු ඇතැයි තමන් විශ්වාසය පළකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු සියලු වැඩකටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ‌ඒ බව ප්‍රකාශ කර තිබේ.

ණය පහසුකම ලබා ගැනීමෙන් පසුව පවතින ආර්ථික තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව මහ බැංකු අධිපතිවරයා සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *