FIFA ලෝක කුසලානය ආර්ජන්ටිනාව යුද පිටියක් කරයි

FIFA ලෝක කුසලානය දිනා යළි සිය රට වෙත පැමිණි ආජන්ටිනා කණ්ඩායම පිළිගැනීමේ උත්සවය අතරතුර සිදුවූ අනතුරු හේතුවෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

කුසලානය රැගත් ආජන්ටිනා කණ්ඩායම ගමන්කරමින් සිටි බස් රථයට මතට පාලමක සිට පනින තරුණයෙකු ඉන් බිමට ඇදවැටී බරපතළ තුවාල ලබා තරුණයාද ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව එරට බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේය.

ඇතිවු අනතුරු හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවෙකු ඇතුළු 5 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් ආජන්ටිනා කණ්ඩායම පිළිගැනීමේ උත්සවය අතරමග නවතා ගුවනින් රැගෙන ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙහිදී ජනතාව ඉවත්කිරීමට පොලිස් කැරළි මර්ධන ඒකකය ද කැඳවීමත් සමඟ පොලීසිය සහ මහජනතාව අතර ගැටුම් වර්ධනය වී ඇත.

Leave a Reply