Facebook දැන්විමකට වෙරළට ගිය තරුණයෙකුට පහරදී කොල්ලකෑ දෙදෙනෙකු අත්අඩංගුවට

ජංගම ශරීර සම්බාහන සේවාව සිදුකරන බවට Facebook ඔස්සේ දැන්වීම් පලකර කළුතර වෙරළට ගෙන්වා තරුණයකුට පහරදී යතුරු පැදියක්, ජංගම දුරකථනයක් සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

කළුතර උතුර සහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 27 සහ 28 වියැති පුද්ගලයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් කාන්තාවන් ලෙස මුහුණු පොතේ පෙනී සිට ජංගම ශරීර සම්භාහන සේවය සපයන බවට පළ කර මුහුදු වෙරළට ගෙන්වා පහරදී යතුරුපැදිය, ජංගම දුරකථනය සහ මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුවන් වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන කොල්ලකෑ යතුරුපැදිය සහ ජංගම දුරකථනයද සොයාගෙන තිබේ. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

Leave a Reply