Facebook ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් වටලා 12 දෙනෙක් අත්අඩංගුවට

මහනුවර මඩොල්කැලේ පන්විල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුල මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මුහුණුපොත ඔස්සේ සංවිධානය කර තිබූ මෙම සාදය සදහා කාන්තාවන් 13 දෙනෙකු ඇතුලු 100කට වැඩි පිරිසක් එක්ව සිටි බව සදහන්.

පන්විල පොලීසියට ලද පැමිණිල්ලක් මත අද අලුයම මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

ඔවුන් මාතර ,නාරම්මල, උකුවෙළ, ගම්පොළ සහ පේරාදෙණිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

Leave a Reply