Facebook එකෙන් මිතුරු වි ලක්ෂ 5ක රන් ආභරණ ඉස්සු සැකකරු අත්අඩංගුවට

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මිතුරු වී නාවලපිටිය, කුරුඳුවත්ත කබරගල තරණය කරන්නට ගොස් මිතුරාගේ රුපියල් 465,000ක රන් ආභරණ සොරා ගත් බව කියන බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු පොලිසිය විසින් පෙරේදා (12) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු, සැකකරු හා මෙයට දින කිහිපයකට පෙර ෆේස්බුක් ඔස්සේ මිතුදමක් ගොඩනඟාගෙන ඇති බවත් පසුව ඔවුන් කොළඹ කොටුවේ සිට දුම්රියෙන් නාවලපිටියට පැමිණ 11දා කබරගල කන්ද තරණය කර තිබෙන බවත් පොලිසිය පවසයි.

දුම්රියට නැඟීමට පෙර සැකකරු දුම්රියේ සොරු සිටින බව පවසා රන් ආභරණ සියල්ල ගලවා වෙනම ආරක්ෂිතව තබා ගන්නා ලෙස මිතුරාට පවසා ඇත. ඒ අනුව ඔහු රන් මාලය, පෙන්ඩනය සහ අත් පලඳනාව ගලවා බෑගයට දමාගෙන තිබේ.

කන්ද තරණය කිරීමෙන් පසු එහි මුඳුනේ කූඩාරමක් ගසා දෙදෙනා රැය පහන් කර තිබෙන බවත් පැමිණිලිකරු පෙරේදා (12) උදෑසන ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේ සැකකරු රන් ආභරණ සොරාගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. අදාළ ස්ථානයේ කූඩාරම් ගසාගෙන තවත් කණ්ඩායම් කිහිපයක් සිටීම නිසා රන් භාණ්ඩ සොරා ගත් බවට කරන චෝදනාව සැකකරු මුලින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුව කළ සොයා බැලීමේ දී අදාළ රන් භාණ්ඩ සැකකරු විසින් ඔහුගේ සපත්තුවක සඟවා තබාගෙන සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

නව කුරුඳුවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.Facebook

Leave a Reply