ATM කාඩ්පත් වංචාකල අයෙකු අත්අඩංගුවට

ATM කාඩ්පත්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කාඩ්පත් 15ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ට මුදල් ලබා ගැනීම සඳහා සහය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකය ලබා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පැමි‍ණෙන පුද්ගලයන්ට මුදල් ලබා ගැනීමට සහාය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකයන් ලබාගෙන,ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගෙන සැකකරු ළඟ තිබෙන ව්‍යාජ ATM කාඩ්පතක් සමඟ අදාළ පුද්ගලයාට ලබා දී ඉන්පසු අදාළ පුද්ගලයාගේ නියම කාඩ්පත සැකකරු විසින් වංචනිකව භාවිතා කර මුදල් සොරකම් සිදුකර ඇතිබව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 

සැකකරු අද (11) නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර මිරිහාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

Leave a Reply