ATM කාඩ්පත් මාරු කරමින් මුදල් වංචා කල අයෙකු අල්ලයි

පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු ඊයේ (29) කුරුණෑගල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි කොටිකාපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු විසින් කුරුණෑගල නරගයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා ATM කාඩ්පතෙහි රහස් අංකය ලබාගෙන පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග මාරු කර එම සොරකම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සැකකරු අද (30) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *