මාතර දී දුම්රියට පැන තරුණයෙකු මරුට

මාතර කාලිදාස පාර ආසන්නයේ දී දුම්රියට පැන අද (07) දහවල් තරුණයෙකු සිය දිවි හානි කර ගෙන ඇති බව පොලිසිය පවසයි.

තරුණයාගේ අනන්‍යතාවය මේ දක්වා තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 28 ත් 35 ත් අතර විය හැකි බවට සැක කෙරේ.

මළ සිරුර මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිළිබඳව මාතර පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply