හය හැවිරිදි දරුවෙකු අපයෝජනය කල මතට ඇබ්බැහි වු දෙදෙනෙකු රිමාන්ඩ්

06 හැවිරිදි පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

දිවුලපිටිය, මිල්ලගහවත්ත සහ පින්නලන්ද වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් මීගමුව මහ රෝහලේ සමාජ රෝග සහ මානසික රෝග සායනයට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට අධිකරණයෙන් නියෝග කර තිබේ.

වින්දිත පිරිමි දරුවාගේ මව හැරගොස් ඇති බවත් පියා බරපතළ ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත් අධිකරණයේදී අනාවරණය වුණි.

මිත්තනියගේ රැකවරණය මත සිටින එම පිරිමි දරුවාව ලිංගික අපයෝජනයට ලක් කර ඇත්තේ දරුවාගේ පියාගේ මිතුරන් දෙදෙනකු විසිනි.

ඔවුන් දෙදෙනා තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ට බවට දිවුලපිටිය පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා විසින් දරුවාව මත් කර දරුවාගේ නිවස තුළදීම අපයෝජනයට ලක්කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ලිංගික අපයෝජනයට ලක්වූ පිරිමි දරුවා මීගමුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply