2024 ජුනි වෙනකම් ඉන්ධන ගැන බයවෙන්න එපා

ලබන වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසයි.

මෙරටට ඉන්ධන සැපයීමේ අවස්ථාව චීනයේ සිනොපෙක් සමාගමට ලබාදීමත් සමග වසරකට ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමයක් රටේ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා මේ බව සඳහන් කර තිබේ.

ගාසා තීරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සියලුම ඉන්ධන වර්ගවල මිල යලිත් 4%කින් පමණ ඉහළ ගොස් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply