2023 මාර්තු දක්වා දුම්රිය අනතුරුවලින් 57 දෙනෙකුට දිවි අහිමි වෙලා

2023 වසරේ ගත වූ මාස දෙක හමාරක කාලසීමාව තුළදී අපරික්ෂාකාරීව දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් සහ දුම්රියට පැන සියදිවි හානි කරගැනීමෙන් පුද්ගලයින් 57 දෙනෙකු මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එය පසුගිය 2022 වසරට සාපේක්ෂව වැඩීවීමක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසරේ දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති සංඛ්‍යාව 175ක් වන අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 276ක්.

පසුගිය වසරේ දුම්රිය අනතුරු 94ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 45 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ වසරේ ගත වූ කාල සීමාව තුළදී දුම්රිය අනතුරු 13ක් සිදුව තිබේ

දිවයිනේ දුම්රිය හරස් මාර්ගයන්හි බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමයට සංඥා සවිකර ඇති ස්ථානයන්හි සංඥා ක්‍රියත්මකව තිබිය දී බහුලව අනතුරු සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත.

කෙසේ වෙතත් දුම්රිය හරස් මාර්ග භාවිත කිරීමේදී සුපරීක්ෂාකාරි වන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *