2022 මේ දක්වා අනුරාධපුරයේ අලි මිනිස් ගැටුමෙන් 33 දෙනෙකු සහ අලින් 70 මරුට

2022 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වන අලි පහරදීම්වලින් අනුරාධපුර වනජීවී කලාපයේ පුද්ගලයින් 33 දෙනෙකු සහ අලින් 70ක් පමණ මියගොස් ඇත.

අලි ඇතුලු වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ගෙවීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ පැවති දිස්ත්‍රික් වන්දි කමිටු රැස්වීමේදි මේ බව අනාවරණය වි තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් අනුරාධපුර වනජීවී කලාපයේ වන අලි පහරදීම් හේතුවෙන් ජීවිත හානි 12 ක් සිදුව තිබේ

වන අලි ප්‍රහාරයකට ලක්ව මියයන පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් වන්දි ලෙස ගෙවන අතර, මේ වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා වන්දි කමිටු මගින් අනුරාධපුර වනජීවී කලාපයේ අනුමත, වන අලි හානි සඳහා ගෙවීම් කිරීමට අවශ්‍ය මුළු මුදල රුපියල් පන් කෝටි හැට එක් ලක්ෂයකට අධිකයි.

Leave a Reply