2022 ඔක්තෝබර් දක්වා දකුණෙන් ඩෙංගු රෝගීන් 6223ක්

දකුණු පළාතෙන් මෙම වර්ෂයේ ගත වූ මාස 10 තුළදී ඩෙංගු රෝගීන් 6223 දෙනකු හමුවී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 3231 දෙනෙකි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1444 දෙනකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1548 දෙනකු හමුවී ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි.

ඔක්තෝබර් මාසය තුළදී පමණක් දකුණු පළාතෙන් හමුවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 269 දෙනෙකි. එම මාසය තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 126 දෙනකු හමුවී ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 50 දෙනකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 93 දෙනකු ඉකුත් මාසය තුළ හමුවී ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි.

Leave a Reply