2022 වසරේ ලංකාවට සංචාරකයන් හත් ලක්ෂයක් ඇවිල්ලා

ශ්‍රී ලංකාවට පසුගිය වසරේ (2022) විදේශ සංචාරකයන් ලක්‍ෂ 7කට අධික සංඛ්‍යාවක් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය වසරේ විදේශ සංචාරකයන් 719,978 ක් පැමිණ ඇති අතර එයට ඉන්දීය ජාතිකයන් 123,004 ක් ඇතුළත් වන බවත් එය සමස්ත සංචාරක සංඛ්‍යාවෙන් සියයට 17 ක් බවත් එම අධිකාරිය පවසයි.

දෙසැම්බර් මාසයේ පමණක් සංචාරකයන් 91,961 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය එම මාසයේදී එක රටකින් පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව  රුසියානු සංචාරකයන් 19,963 ක් බව ද සඳහන් කරයි.  

Leave a Reply