2022 වසරේ මෝටර් රථ ලියාපදිංචියේ අඩුවිමක්

නව මෝටර් රථ ලියාපදිංචිය පසුගිය වසරට සාපේක්ෂව 36.3%කින් පහත වැටී තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

2021 වසරේ ජනවාරි මස සිට ඔක්තෝම්බර් මස දක්වා වාහන 28,434ක් ලියාපදිංචි කර තිබූ අතර, මේ වසරේ එම කාලය තුළ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 18,100 ක් බවත් මෙම වසරේ බස් රථ ලියාපදිංචිය 2021ට සාපේක්ෂව 16.3%කින් වැඩි වී තිබේ.

2021 වසරේ බස් රථ 246ක් ලියාපදිංචි කර ඇති අතර, එය මේ වසරේ 40කින් වැඩි වී ඇති බවයි වාර්තාවේ.

ජනවාරි මස සිට ඔක්තෝම්බර් මාසය දක්වා ත්‍රිරෝද රථ 34ක් ලියාපදිංචි වී ඇති අතර, එම කාලය තුළ වැඩි වශයෙන් ලියාපදිංචි කර ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන මෝටර් රථයි.එලෙස ලියාපදිංචි කර ඇති භාණ්ඩ ප්‍රවාහන මෝටර් රථ සංඛ්‍යාව 7,779කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *