2021 පසු ගාලු වරායට වෙළඳ නැව් පැමිණ නැහැ

ගාල්ල වරායට 2021 මැයි මස සිට වෙළඳ නැව් එකක්වත් පැමිණ නැති බවත් ගාල්ල සිමෙන්ති කම්හලට එන සිමෙන්තිද දැන් හම්බන්තොට වරායට ගෙන්වා ගෙන එතැන් සිට ලොරිවලින් ගාල්ල සිමෙන්ති කම්හලට ගෙන එන බවත් ‍ගාල්ල වරායේ නේවාසික කළමනාකාර විජය සෙනවිරත්න මහතා වරාය ,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හමුවේ ඊයේ (15) කියා සිටියේය.

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ගාල්ල වරායේ නිරික්ෂණ චාරිකාවකට ඊයේ (15) පැමිණි අවස්ථාවේ පැවති සේවක හමුවේදි ඒ මහතා මේ බව කියා සිටියේය.

පසුගිය 2015 වසරේ ජනවාරි සිට මෙම වසරේ ජූනි දක්වා කාලය තුල ගාල්ල වරාය රුපියල් මිලියන 3593ක ලාභයක් ලබා ඇතැයි වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන්වේ.

මේ අනුව 2015 වසරේ රුපියල් මිලියන 915 ක්ද 2016 වසරේ රුපියල් මිලියන 1239ක්ද 2017 වසරේ රුපියල් මිලියන1387ක්ද 2018 වසරේ රුපියල් මිලියන 1623ක්ද, 2019 වසරේ රුපියල් මිලියන 1639ක්ද 2020 වසරේ රුපියල් මිලියන 1376ක්ද, 2021ක් ජූනි මස දක්වා මාස හයට රුපියල් මිලියන 426ක්ද ලෙස මිලියන 8605ක ආදායම ලබා ඇත.

එම කාලය තුල වියදම රුපියල් මිලියන 5012ක් වන අතර ඒ අනුව ලබා ඇති ලාභය මිලියන 3593ක් බවද වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන්වේ.

 

Leave a Reply