2021 වසරේ සිදුවු බරපතළ අපරාධ පිළිබඳව හෙළිදරව්වක්

2021 වසරේ ගතවූ කාලය තුළ බරපතළ අපරාධ 29,930ක් වාර්තා වී තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

මනුෂ්‍ය ඝාතන 497ක් සිදුවී ඇති අතර ඉන් 223ක් වෙඩිතැබීම් හෝ පහරදීම් මත සිදුවී ඇති බව මහාචාර්යවරයා පවසයි.

එම විශ්වවිද්‍යාලය විසින් සිදු කළ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බව ඔහු ප්‍රකාශ කර තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා

2022 වසරේදී අපාරාධ පිළිබඳ සම්පූර්ණ වාර්තාව සකස් වෙලා නැහැ. නමුත් ලැබී තියෙන තොරතුරු අනුව බරපතළ අපාරාධ 29,930ක් පමණ වාර්තාවෙලා තියෙනවා. මේවයින් 36%ක් පමණ වාර්තා වෙන්නේ බස්නාහිර පළාත තුළින්. ඒ වගේම වයඹ පළාතෙන් 13%ක්, දකුණු පළාතෙන් 10%ක්, සබරගමුව පළාතෙන් 9%ක්, මධ්‍යම පළාතෙන් 8%ක් පමණ. මේ කාලය තුළ දේපළවලට එරෙහිව සිදුවෙලා තියෙන අපරාධ ප්‍රමාණය 16,317ක් කියන එක බව පොලිස් වාර්තාවල සඳහන් වෙනවා. ඒ වගේම පුද්ගලයන්ට එරෙහිව වාර්තාවෙලා තියෙන අපරාධ 5,964ක්.

2022 මුල් මාස 10ත් 11ත් අතර වාහන සොරකම් කිරීම් පමණක් 1,466ක් වාර්තා වෙනවා. මේ තුළ වැඩි වශයෙන් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ. එයින් 39%ක් පමණ බස්නාහිර පළාතෙන් තමයි වාර්තා වෙන්නේ. මේ මාස 11 තුළ මනුෂ්‍ය ඝාතන 497ක් වාර්තා වෙනවා. එයින් 46%ක් පමණ ඒ කියන්නේ 223ක් පමණ වෙඩිතැබීම් හා පහරදීම් මත සිදුවෙලා තියෙන මනුෂ්‍ය ඝාතන.”

බරපතළ අපරාධ සිදුවී ඇති පොලිස් කොට්ඨාස අතරින් මේ වසරේ ගතවූ කාලය තුළ වැඩිම අපරාධ සංඛ්‍යාවක් කැලණිය පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 2,287ක් බව ඔහු ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *