2022 වසරේ මහමෝදර රෝහලේ දරු උපත්වල අඩුවක්

ගාල්ල මහමෝදර රෝහලේ පසුගිය වසරේ සජීවි දරු උපත් 8328ක් සිදුව ඇතැයි මහ මෝදර රෝහල පවසයි.

එය පෙර වස‍රේ සිදුව ඇති දරු උපත් සංඛ්‍යාවට වඩා අඩුවිමක් බවද එම රෝහල පවසයි.

දකුණු පළාතේ ප්‍රධානම මාතෘ රෝහල වන්නේ මහමෝදර රෝහල වන අතර එහි සැම වසරකම සජිවි දරු උපත් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් සිදුවේ. පසුගිය වසරට  පෙර වසරේ (2021) මෙම රෝහලේ සිදුව ඇති සජිව දරු උපත් සංඛ්‍යාව 9140කි.

පසුගිය වසරේ නිවුන් දරු උපත් 79ක් සිදුව ඇති අතර එයින් 4ක් තුන් නිවුන් දරු උපත්වේ.

2021 වසරේ මළ දරු උපත් 85ක් සිදුව ඇති අතර පසුගිය වසරේ සිදුව ඇති මළ දරුඋපත් සංඛ්‍යාව 50කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *