10 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි – ලිංගික අපරාධයක් කර ඇති බවට සැකයක්

තලෛමන්නාරම, ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.

දැරිය සිය නිවස ආසන්නයේ වෙළෙඳසැළකට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් සිදුකළ සොයා බැලීමකදී නිවස ආසන්නයේ වත්තක තිබි අද (15) පෙරවරුවේ සිරුර සොයාගත් බව පොලිසිය පවසයි.

මෘත ශරීරය සොයා ගන්නා අවස්ථාවේදී දැරිය ගවුමක් ඇද සිට ඇති අතර යටි කය නිරුවත්ව තිබී ඇති බවත් මෙම දැරිය ස්ත්‍රී දුෂණයට ලක්වී තිබේද යන්න පොලිසිය සැක කරයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත්වරයා හා මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරි පැමිණ නිරීක්ෂණය කිරිමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘත ශරීරය මේ වන විට මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මත පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තලෛයිමන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply