ෆේස්බුක් සාදයට මත්පෙති රැගෙන ගිය කාන්තාවක් රිමාන්ඩ්

අහංගම කතළුව ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයකට මත් පෙති රැගෙන පැමිණ සිටියදි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකාරියක් ලබන 27දා දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් ලැබුවේ සපුගස්තැන්න දෙහිඇල්ලගම පදිංචි 26 හැවිරිදි කාන්තාවකි.

පසුගිය 18 වනදින රාත්‍රි මෙම ෆේස්බුක් සාදය පවත්වා ඇති අතර එය පසුදින අලුයම දක්වා පැවැත්වෙමින් තිබියදි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොක්මාදුව කඳවුරේ නිලධාරින් විසින් හෝටලය ඉදිරිපිට සිටි සැකකාරිය පරික්ෂා කිරිමේදි මෙම මත්පෙති සොයා ගැනිමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා අහංගම පොලිසියට බාරදි තිබින.

Leave a Reply