ළමුන් පැහැරගැනීමේ වීඩියෝ දර්ශන බොරුවක්

විවිධ ප්‍රදේශවල ළමුන් පහැරගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යවල පැතිර යන වීඩියෝ දර්ශනවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පොලීසිය පවසයි.

අද (23) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, දිවයිනේ කිසිදු ස්ථානයක එවැනි ආකාරයේ පැහැර ගැනීමක් හෝ ළමුන් අතුරදන්වීමක් සිදුව නොමැති බවය.

“විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල මේ දිනවල පැතිරෙමින් යනවා ළමුන් පැහැරගැනීමේ ක්‍රියාවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවෙනවා කියලා. ඒ වගේම දිවයිනේ ඇතැම් පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබුණා. විශේෂයෙන් මන්නාරම, ඒ වගේම තලෛයිමන්නාරම, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය වැනි ප්‍රදේශවලත් විවිධ පැමිණිලි ලැබිලා තියෙනවා දරුවන් පැහැරගැනීම සම්බන්ධයෙන්. නමුත් මේවා පිළිබඳව විමර්ශනය කිරිමේදී ඒවායේ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැහැ, ඒවා විමර්ශනය කිරීමේදී යම් යම් සැකසහිත ස්ථානත් මතුවෙලා තියෙනවා. 

සැබෑ ලෙසම දරුවෙකු පැහැර ගැනීමක් පිළිබඳව වාර්තාවීමක් සිදුවෙලා තිබුණේ නැහැ. මෙවැනි ආකාරයකට වෑන් රථවලින් ඇවිල්ලා පැහැරගැනීමක් පිළිබඳව. නමුත් යම් යම් ස්ථානවල කලබලකාරී සිදුවීමුත් ඇති වුණා. ඒ වගේම විවිධ ප්‍රදේශවල කටකතා පැතිරුනා. ඒ වගේම සමාජ මාධ්‍යවල විවිධ ඡයාරූප පළවෙනවා මෙන්න මේ පුද්ගලයා තමයි දරුවන් පැහැරගැනීමට කටයුතු කරන්නේ කියලා. නමුත් ශ්‍රී ලංකා පොලීසිය විදිහට එවැනි පුද්ගලයෙක් ගැන කිසිම දැනුම්දීමක් නිකුත්කරලා නැහැ.

ඒ වගේම දරුවන් පැහැරගැනීමේ සැකකරුවෙකු විදියට අපි විශේෂ පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා මාධ්‍ය මගින් සහාය ඉල්ලලත් නැහැ එවැනි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා. ඒ වගේම මේ හුවමාරු වන විවිධ දරුවන් පැහැරගෙන ගොස් කැළෑ තුළ සඟවා සිටින ආකාරයේ වීඩියෝ පට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. මේවා වැඩිදුර පරික්ෂා කිරීමේදී අනාවරණය වුණා මේවා විදේශ රටවල විවිධ අරමුණු සඳහා නිෂ්පාදනය කරපුවා කියලා. සමහර වෙලාවට ඒ රටවල දරුවන් දැනුවත් කිරීම සඳහා නිෂ්පාදනය කරන ලද දැන්වීම් ඒ වගේ කොටස් උයෝගී කරගෙන මෙවැනි ආකාරයේ ව්‍යාජ ප්‍රචාරය කිරීම් සිදුකරන බව පෙනී ගොස් තිබෙනවා. 

ඒ වගේම තවත් රටවල තිබෙන විවිධ සිදුවීම් ඔස්සේ ඒ වීඩියෝ දර්ශන උපයෝගී කරගෙන ඒවා ප්‍රචාරය කර සමාජ මාධ්‍යට මුදා හරින තත්ත්වයක් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ නිසා අපි මහජනතාවට දැනුම්දෙනවා අනවශ්‍ය ආකාරයේ බියක් ඇති කර ගන්න එපා කියලා. මේ සමාජ මාධ්‍යවල මෙතෙක් ප්‍රචාරය වන වීඩියෝ දර්ශන මේවා ව්‍යාජ තොතුරු බවට තමයි අනාවරණය වෙලා තියෙන්නේ. දිවයිනේ කිසිම ස්ථානයක එවැනි අකාරයේ පැහැර ගැනීමක් හෝ එවැනි ළමුන් අතුරුදන්වීමක් හෝ වාර්තා වෙලා නැහැ. ඒක ව්‍යාජ තොරතුරක්. ඒ වගේම විදේශ රටවල තිබෙන වීඩියෝ දර්ශන තමයි ඒ ප්‍රචාරය වෙමින් යන්නේ

Leave a Reply