හෝටල් කාමරයක් කුලියට අරන් අයිස් පානය කල කෙල්ලෝ 3ක් රිමාන්ඩ්

මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ හෝටල් කාමරයක් කුලියට ගෙන එහි අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටී සිටි තරුණියන් තිදෙනකු ලබන 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

මහනුවර පොලිසියේ දූෂණ මර්දන අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම තරුණියන් තිදෙනා පෙරේදා (25) අත්අඩංගුවට ගෙන තිබේ.

වටපුළුව, අම්පිටිය හා හැටන් ප්‍රදේශවල පදිංචි මෙම තරුණියන් රුපියල් 3000ක මුදලක් ගෙවා මෙම කාමරය කුලියට ගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

තරුණියන් තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා මෙම ස්ථානයට නිතර පැමිණෙන බවට ලද තොරතුරු මත සිදුකළ වැටලීමකදී තරුණියන් තිදෙනා මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදීම අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් තරුණියන් තිදෙනා අවුරුදු 25ත් 30ත් අතර වයසේ පසුවන බවත් ඔවුන් සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරමින් සිට ඇති බවත් පොලිසිය පවසයි.

Leave a Reply