හෝටන් තැන්නේ බස් රථයක් පෙරලි වාහන ඇතුළු කිරීම තාවකාලිකව නවතී

හෝටන් තැන්න නැරඹීමට පවුලේ පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට පත්වීම හේතුවෙන් හෝටන් තැන්නට ඇතුළුවන වාහන තාවකාලිකව නතර කිරීමට පොලිසිය තීරණය කර තිබේ  

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණි පිරිසක් ගමන් ගත් බස් රථයක් ඊයේ (29) පස්වරුවේ මෙලෙස අනතුර ලක්ව තිබේ.

හෝටන් තැන්න පාරිසරික කලාපයේ සංචාරයට පැමිණ ආපසු නුවරඑළිය දක්වා ගමන් කරන අතරතුර දී අධික බෑවුමක් සහිත ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබු බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් බස් රථය නතර කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

බස් රථය ප්‍රධාන මාර්ගය අසල කන්දේ ගැටී බස් රථය මාර්ගය හරහා පෙරළී ඇති බව පොලිසිය පවසයි.

බස් රථ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකි ගිය බවත්, අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැති බවත් පොලීසිය පවසයි.

මාර්ගය හරහා පෙරළුණු බස් රථය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ප්‍රධාන මාර්ගය හරහා පෙරළී ඇති බස් රථය ඉවත් කිරීමෙන් අනතුරුව හෝටන් තැන්නට වාහන ඇතුළු කිරීමට අවස්ථාව ලබාදෙන බව පොලිසිය පවසයි.

Leave a Reply