හොර පොල් කඩන්න වත්තට පැන්න පිරිසකට වෙඩි – එක් අයෙකුට බරපතළ තුවාල

හොරෙන් පොල් කැඩී­මට පොල් වත්ත­කට පැන්න පිරිසකට එම වත්තේ මුර­කරු විසින් සිදුකල වෙඩි තැබී­ම­කදී වෙඩි වැදීමෙන් එක් අයෙකු බරප­තළ තුවාල ලබා සඳලං­කාව රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

කොස්වත්ත පොතු­ව­ට­වන පොල්ව­ත්ත­කදී ඉකුත් 10 වැනිදා සවස මෙම වෙඩි තැබීම සිදු­කර ඇත

එහිදී වෙඩි වැදී­මෙන් බර­ප­තළ ලෙස තුවාල ලබා මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කොස්වත්තේ පොතු­ව­ට­වන පදිං­චි­ක­රු­වෙකි.

තුවා­ල­කරු තවත් හත­ර­දෙ­නෙක් සමඟ හොරෙන් පොල් කැඩී­මට පොල්ව­ත්ත­කට පැන ඇති බවත්, එම අව­ස්ථාවේ වත්තේ මුර­කරු විසින් වත්තේ ආර­ක්ෂා­වට තිබූ ගිනි අවි­ය­කින් වෙඩි තැබීම සිදු­කර ඇති බවත්, එම වෙඩි තැබීම සිදු­කර ඇත්තේ වත්තේ ආර­ක්ෂාව සඳහා නිකුත් කර ඇති බල­ප­ත්‍ර­යක් සහිත ගිනි අවි­ය­කින් බවත්, වෙඩි තැබීම පිළි­බ­ඳව කොස්වත්ත පොලිසිය සිදු­කළ පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වී ඇත.

Leave a Reply