හෙල්මටයකින් පහර දී මිතුරාව ඝාතනය කරලා

තම මිතුරාට හෙල්මටයකින් පහර දී ඝාතනය කල පුද්ගලයෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි හොරම්පැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මත්පැන් පානය කිරිමෙන් පසු ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි අස්වැන්න වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු අද (08) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply