හිරුගේ සැර මැයි අග දක්වා

මේ දිනවල රට තුළ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මැයි මස අග නිරිතදිග මෝසම රට හරහා ස්ථාපිත වනතුරු පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කළේය.

රට හරහා හොඳ සුළං රටාවක් නැති වීම සහ පරිසරයේ ජල වාෂ්ප බහුල වීම මෙම උණුසුම් තත්ත්වයට බලපා ඇති බවත්, මේ දිනවල සංවහන වැසි හොඳින් ඇති වන ප්‍රදේශවලට, පවතින උණුසුම් තත්ත්වයට තාවකාලික සහනයක් ලැබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද (19) උතුර, උතුරු-මැද, නැඟෙනහිර පළාත්වලත් මොනරාගල, කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඉරේංන්ංන්ඩ්

Leave a Reply