හිනිදුම වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

පෙට්‍රල් අඩංගු වීදුරු බෝතල්වලින් සකස් කරන ලද බෝම්බ තුනකින් හිනිදුම, තලන්ගල්ල ප්‍රදේශයේ සිල්ලර වෙළද සැලකට අද (03) උදැසන ප්‍රහාරයක් එල්ලකර ඇතැයි පොලිසිය පවසයි.

වෙළදසැලේ භාණ්ඩවලට එමගින් හානි වි ඇති බව පොලිසිය පවසයි.

දිගු කලක සිට පවතින පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහර දිම සිදුව ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති අතර වෙළද සැල් හිමිකරුගේ නවතා තිබු මෝටර් රථයේ දොරකට සහ වෙළඳසැලේ රාක්කවල ගබඩාකර ඇති බිස්කට් පැකට් වලට සුළු අලාභහානි සිදුව ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වි ඇත. 

සැකකරු දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බැවින් හිනිදුම පොලිසිය ඔහු සොයා විමර්ශන පවත්වාගෙන යනු ලබයි

Leave a Reply