හිටපු මන්ත්‍රීගේ රියේ ගැටී පියා සහ පුතෙකු මරුට

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදුවූ අනතුරකින් පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

එම පියා තම පුතා සමග මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී ජීප් රථයක ගැටී මෙම මාරක එම අනතුර සිදුව ඇත

අනතුර සිදුව අවස්ථාවේදී අදාළ ජීප් රථය මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු විසින් පදවා ඇති බව වාර්තා වෙයි.

අනතුරින් මියගොස් ඇත්තේ බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචිව සිටි 41ක් හැවිරිදි අයෙකු සහ ඔහුගේ පුතා වූ 11 හැවිරිදි දරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply