හවායි දූපතේ ඇති ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද පුපුරා යයි

ලොව ලොකුම ගිනි කන්ද ලෙස සැලකෙන හවායි දූපතේ පිහිටි මොවුනා ලෝවා Mauna Loa ගිනි කන්ද වසර 40කට පසු පුපුරා යෑම ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් ජනපද භූ විද්‍යා ඒකකය (USGS) රතු නිවේදනයක් නිකුත් කරමින් තත්වය වේගයෙන් වෙනස් විය හැකි බව පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ගිනි කන්ද අවට පදිංචි සිය ගණනක් දෙනා වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගෙන තිබේ. හවායි හි බිග් අයිලන්ඩ් සහ අවට ප්‍රදේශ සඳහා ලවා අළු වැටීමේ ප්‍රවණතාවක් ඇති බවත් නිවැසියන්ට විමසිල්ලෙන් සිටින ලෙස බලධාරීන් දන්වා තිබේ.

මේ අතර ගින් කන්දේ පිපිරීම් සිදුවන නමුත් ඒවා ප්‍රබල පිපිරීම් නොවන බවත් කෙසේ නමුත් ගිනි කන්ද ගැන අවධානයෙන් පසුවන්නැයි හවායි යමහල් නිරීක්ෂණ ඒකකයද අනතුරු අගවා ඇත.

Leave a Reply