හමුදා සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජිවිතක්ෂයට

පනාගොඩ යුධ හමුදා කඳවුරේ සේවයේ නිරත වූ සෙබළෙකු ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගෙන තිබෙන බව වාර්තාවේ.

මෙලෙස සිය දිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 31 වන අයෙකු බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබේ

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත.)

Leave a Reply