හමුදා රියේ ගැටුණු අයෙකු ජිවිතක්ෂයට

අලවතුගොඩ A-9 මාර්ගයේ වැලිකන්ද හන්දිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 58ක් වූ උකුවෙල පදිංචිකරුවෙකි.

පල්ලේකැලේ සිට යාපනය දක්වා ධාවනය වූ යුද හමුදාවට අයත් ප්‍රයිමෝර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදි දෙකක ගැටීමෙන් අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු එක් යතුරුපැදිකරුවෙක් මාතලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් යුද හමුදා රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply