හම්බන්තොට වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට

හම්බන්තොට සුචි ගම්මානයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (21) රාත්‍රියේ සිදුකල වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙඩි වැදිමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හම්බන්තොට සිරිබොපුර වයස අවුරුදු 38ක් වන පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා ද යතුරු පැදි‍යකින් ගමන් කරමින් සිටින විටදීයි වෙඩි තැබීම සිදු කර ඇති බව අනාවරණය වි තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි

Leave a Reply