ඩීසල් ලීටර් 19,000ක් සමග හතර දෙනකු හම්බන්තොට දී STF අත් අඩංගුවට

නීතිවිරෝධීව ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ඩීසල් ලීටර් 18,800ක් සමග සිවු දෙනකු හම්බන්තොට ධීවරය වරාය ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරක් මත මෙම ඩීසල් තොගයක මාළු ලොරියකින් හා තවත් ලොරි රථයකින ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඩීසල් තොගය අම්පාර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව මූලික පරීක්ෂණවලින් අනාරණය වී ඇත. මෙම තෙල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 80 පමණ වන බවද වාර්තාවේ.

Leave a Reply