හබරාදුව වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

හබරාදුව හිනටිගල ප්‍රදේශයේදි අද (24) උදෑසන වෙඩි තබා ති රෝද රථ රියදුරෙකු ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ තල්පෙ හිනටිගල හේනගෙදරවත්ත පදිංචි 37හැවිරිදි තිදරු පියෙකු බවද පොලිසිය පවසයි.

ඔහු අද උදැසන තම බිරිඳ සමග ත්‍රි රෝද රථයෙන් දරුවන් පාසලට ඇරලවා ආපසු නිවස බලා යමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇත. 

සිද්ධියෙන් ඔහුගේ බිරිඳද සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply