හබරණදී දුම්රියේ ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මරුට

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ තිරිඟු පිටි ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් ඊයේ (03) රාත්‍රියේ වන අලි දෙදෙනෙකු මියගොස් තිබේ.

හබරණ ගල්ඔය දුම්රිය ස්ථාන අතර රක්ෂිත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරත් සමග දුම්රිය ද පීලි පැනීමට ලක්ව තිබේ

වන අලි තුන්දෙනෙකු දුම්රියේ ගැටී ඇති අතර එක් වන අලියෙකු තුවාල ලබා ඇත. මෙසේ මියගොස් ඇත්තේ වන අලි පැටවුන් දෙදෙනකි.

පීලිපැන ඇති දුම්රිය යලි පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Reply