හත් හැවිරිදි සිය දියණිය හදි කරන්න අනුබල දුන් මව සහ Facebook පෙම්වතා අත් අඩංගුවට

Facebook ඔස්සේ හඳුනා ගත් අනියම් සැමියාට සිය හත් හැවිරිදි දියණිය අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන මවක් සහ අනියම් සැමියා අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි.

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ සැමියා වසර දෙකකට පමණ පෙර මිය ගොස් ඇති අතර කාන්තාව මුහුණු පොත හරහා මෙම පුද්ගලයා හඳුනාගෙන අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබේ.

ඒ අනුව එම පුද්ගලයා ඇය සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙන අතර මේ අතරතුර එක් දිනක ඇයගේ හත් හැවිරිදි දැරිය අපයෝජනය කිරීමට අනියම් සැමියා පෙළඹි ඇති අතර ඒ සඳහා දැරියගේ මව වන අනියම් බිරිඳ සිය අනියම් සැමියාට අනුබල දී තිබේ.

මේ සම්බන්ධයෙන් දැරිය සිය නැන්දාට පවසා ඇති අතර නැන්දා විසින් දැරියගේ මිත්තණියට පවසා පොලිසිය වෙත පැමිණිලි කර තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply