සෞදි අරාබියෙන් රන්, තඹ සහ යපස් නිධි හමුවෙයි

සෞදි අරාබියේ මදීනා ප්‍රදේශයේ කල කැණිම්වලින් රන්, තඹ යපස් නිධි හමුවූ බව සෞදි අරාබියාව නිවේදනය කළේය.

මදිනා කලාපයේ Umm Al-Barrak Hejaz ප්‍රදේශයන් රන් නිධි සහ Wadi Al-Faraa ප්‍රදේශයේ ස්ථාන හතරකින් තඹ සහ යපස් නිධි හමුවූ බව සෞදි භූ විද්‍යා හා සමීක්ෂණ ආයතනය උපුටා දක්වමින් මැදපෙරදිග මාධ්‍ය මේ බව වාර්තා කළේය.

මෙම නව නිධි සොයාගැනීමත් සමග සිය රටේ “රාජධානියේ දැක්ම 2030” සහ ජාතික ආර්ථිකයට එය සහයක් වන බවද සෞදි අරාබිය ප්‍රකාශ කර තිබේ.

සෞදි අරාබියේ විවිධ ස්ථානවල මෙවැනි නිධි සොයාගැනීම් හේතුවෙන් පතල් ක්ෂේත්‍රයේ ආයෝජන සිදුකිරීමට දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ගේ පැමිණීමත් සමඟ එය සිය රටේ ජාතික ආර්ථිකයේ සමෘද්ධිමත් සංවර්ධනයට දායක වනු ඇති බවද සෞදි අරාබිය ප්‍රකාශ කර ඇත

Leave a Reply