සෙල්ෆි ගන්න ගිහින් අවසන් ගමන් යයි

හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ ලයිබන් කොටසේ කඳු පාමුල පිහිටි දිය ඇල්ලක් අසල දී ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ තරුණයකු එම දිය ඇල්ලෙන් පහළට ඇද වැටී මියගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ ගුරුතලාව පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

මිතුරන් තිදෙනකු සමඟ ඔහු මෙම දිය ඇල්ල නැරඹීමට පැමිණ සිටි අතර තුර මෙම අනතුරට මුහුණ පා තිබෙන බව පොලිසිය පවසයි.

සෙල්පි ඡායාරූපයක් ගන්නා අවස්ථාවේදී පය ලිස්සා ඇල්ල පහළට ඇද වැටී ඇති අතර එම ස්ථානයේ සිට මීටර් දෙසීයක් පමණ පහලින් තිබු දිය වළක තිබී සිරුර සොයා ගෙන තිබේ.

Leave a Reply