සූර්ය විදුලි බල කට්ටල දෙන බව පවසා විදේශිකයාගෙන් මිලියන දෙකක් වංචාකරලා

සූර්ය විදුලි බල කට්ටල සවිකර දෙන බව පවසා ගාල්ල වක්වැල්ල පාරේ ආයතනයක් තමාගෙන් රුපියල් විසි ලක්ෂ දහනම දහස් පන්සීයක් වංචාකල බවට ගාල්ල ගිංතොට පදිංචි 58 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු පැමිණිලි කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

තමා වසර දහයක් තිස්සේ ලංකාවට එන බවත් එසේ පැමිණ ගිංතොට නිවසේ සිටින බවත් මේ අතර ඉකුත් පෙබරවාරි මාසයේද එසේ පැමිණ සිටියදී ගාල්ල වක්වැල්ල පාරේ පිහිටි ආයතනයක නියෝජිතයින් පැමිණ සූර්ය විදුලි බල කට්ටල සවි කරදෙන බව පවසා ගිවිසුම්ගතව රුපියල් විසි ලක්ෂ දහනම දහස් පන්සියක් ලබාගත් බවත් එහෙත් එම ආයතනය ගිවිසුම් ගතවු පරිදි සුර්ය බල ශක්ති කට්ටල සවි නොකල බවත් පැමිණිල්ලේ සඳහන්වේ.

පසුව මේ ගැන සොයා බැලිමේදි එම ආයතනය තිබු ස්ථානය වසා දමා පිටව ගොස් ඇති බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්වේ.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ විමර්ශණ අංශය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.   

Leave a Reply