සුරතල් මසුන් සොරාගත් දරුවා ළමා නිවාසයට

නිවසක මාලු ටැංකියක ඇති කරන ලද රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වටිනා සුරතල් මසුන් තොගයක් සොරකම් කරගෙන යාම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද 10 හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයෙකු 18 වනදින දක්වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කලාය.

යක්කලමුල්ල පොලිස් වසමේ නාකියදෙණිය ප්‍රදේශයේ නිවසක තිබු මාලු ටැංකියකින් මෙම සුරතල් මසුන් සොරකම් කරගෙන ගොස් ඇති බව සැකකාර ළමයා අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේය.

යක්කලමුල්ල පොලිසිය විසින් සැකකාර ළමයා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

Leave a Reply