සුබ වෙමින් පවතින රුපියල ගැන අසුබ ආරංචියක්

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙමින් පවතින රුපියල, වසර අවසානයේදී නැවතත් දුර්වල විය හැකි බවට අනාවැකි පළවී තිබේ.

එහිදී රුපියෙල් අගය 23% කින් පමණ පහත වැටෙනු ඇති බව ෆිච් සොලූෂන්ස් (Fitch Solutions) ආයතනය උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදල සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවුවද, මූල්‍ය වැඩසටහනට අනුගතව කටයුතු කිරීම දුෂ්කර අභියෝගයක් වනු ඇති බව ෆිච් මූල්‍ය විසදුම් අංශයේ අවදානම් විශ්ලේෂක සේවෑන්ග් ටින් පවසයි.

විදේශ ණය ගෙවීම සඳහා සංචිතය ඉහළ නැංවීමට සිදුවීම, දුර්වල ආර්ථිකය සහ ඉදිරි මැතිවරණ ඊට බාධාවක් ඇති කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව වසර අවසානය වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 390 දක්වා වාර්තාගත ලෙස දුර්වල විය හැකි බව ෆිච් විශ්ලේෂකයා සඳහන් කරයි.

Leave a Reply