සුනාමියෙන් මියගිය අය පැරෑලියදී අනුස්මරණය කරයි

ජාතික සුරක්ෂිත දිනයට සමගාමීව දෙසැම්බර් 26 වැනි දිනට පවත්වනු ලබන සුනාමි ව්‍යවසනයෙන්  මිය ගිය මෙන්ම අතුරුදන් ප්‍රජාවට පින් පැමිණවීමේ සහ අනුස්මරණය කරලීමේ වැඩසටහන අද (26) පෙරවරුවේ තෙල්වත්ත පැරූලිය සුනාමි ස්මාරකය ඉදිරිපිටදි පැවත්විනි.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්කොන් මහතා මේ අවස්ථාවට එක් විය.

සුනාමි ව්‍යසනය සිදු වි 2022 වර්ෂය  වන විට වසර 18ක් සම්පූර්ණ වේ.  සුනාමි දින පෙරවරුවේ තෙල්වත්ත ප්‍රදේශයේ සිදු වූ  දුම්රිය අනතුර සිහිපත් කරමින් එම අවස්ථාවට ලගා වූ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.කේ ඉදිකොලගේ මහතා ඇතුලු පිරිසද සුනාමි ස්මාරකය වෙත පැමිණ පුෂ්පෝහාර දක්වන්නට විය.

මේ අවස්ථාව සඳහා පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින් මෙන්ම ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා , ජාතික ආපදා කලමණාකරණ මධ්‍යස්තානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රනසිංහ මහතා ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ. විදෙස් ජාතිකයන් රැසක් මෙම පුෂ්පෝහාර දැක්වීමට එක්ව සිටිහය.

සිංගප්පුරුව මහා කරුණා බෞද්ධ සංගමය විසින් තොරා ගත් පාසල් දරැ දැරියන් 500කට මෙම අවස්තාවේ පාසල් උපකරණ පරිත්‍යාග කිරිමද මෙයට සමගාමීව සිදු කෙරිනි.

Leave a Reply